ඔබගේ බලු සුරතලා සමග නිදාගැනීමේදී ඔබ විසින් දැනගත යුතු කරුණු මෙන්න - මරුසිරා - Marusira

Latest

2017

Monday, May 28, 2018

ඔබගේ බලු සුරතලා සමග නිදාගැනීමේදී ඔබ විසින් දැනගත යුතු කරුණු මෙන්න



ඔබගේ සුරතලා සමග නිදාගැනීමට ඔබ බොහෝ කැමැත්තක් දක්වනවා වෙන්නට පුළුවන්. එමගින් ඔබට වාසි සහ අවාසි බොහෝ ප්‍රමාණයක් සැලසේ.ඔබගේ සුරතලාට නම් එය බොහෝ ආදරණිය අවස්තාවක් වෙන්නට පුළුවන්. පහත දක්වා ඇත්තේ ඔබගේ බලු සුරතලා සමග නිදාගැනීමෙන් ඔබට ලැබෙන වාසි කිහිපයක් පිලිබදවයි.

එමගින් ඔබගේ ආතතිය අඩු වේ.

සුරතලුන් ඇති කිරීම මගින් ඔබගේ මනසේ ඇති බොහෝ ආතති තත්වයන් පහව යන බව පර්යේෂකයින්ගේ මතයයි.ඔවුන් ඔබ අසල ගැවසීම නිසා ඔබගේ මනසට ප්‍රීතියක් දැනෙන අතර ඔබව මානසික ව්යාකුලතා වලින් ඈත් කර තබයි.

ඔවුන් ඔබව උණුසුම්ව තබයි.

සුරතල් සතුන් බොහෝ වෙලාවට උණුසුම ලැබීමට කැමති නිසා තුරුල් වී සිටීමට වැඩි කැමැත්තක් දක්වයි.උණුසුම් කාල වලදී එය තරමක් අපහසු වූවත් සිත කාල වලදී ඔබේ සුරතලා ඔබට අවශ්‍ය උණුසුම ලබා දේවි.

ඔවුන් ඔබට ආරක්ෂාව සලසයි.

ඔබ සුවසේ නිදන අවස්ථාවකදී පවා ඔබගේ සුරතලා නිවසේ සහ ඔබගේ ආරක්ෂාව ගැන බොහෝ විමසිලිමත් වෙයි.ඔවුන්ගේ විශිෂ්ට කන් ඇසීමේ හැකියාව සහ ඉව ඒ සදහා ඔවුන්ට බොහෝ උපකාරී වේ.

ඔබගේ මනසේ ඇති කාංසා තත්වයන් පාලනය කරයි.

සතුන් ඔබට දක්වන ආදරය සීමා රහිත වේ.ඔබට එදිනෙදා ජිවිතයේ ඇති කරදරකාරී තත්වයන් පහසුවෙන් අමතක කර දැමීමේ හැකියාව සුරතල් සතුන් නිසා ලැබේ.

ඔබ සමග නිදාගැනීම ඔබගේ සුරතලුන්ටද වාසියකි.

ඔබගේ සුරතලා ඔබට තරම් ආදරේ වෙනත් කෙනෙකු නැත.ඔබ සමග වැඩි වෙලාවක් සිටීමට ඉඩ ලැබීම ඔවුන්ගේ සිතටද විශාල සතුටකි.

සුරතලා සමග නිදාගන්නා ඔබ සැලකිලිමත් විය යුතු වෙනත් කරුණු.

ඔබට ඔබගේ සුරතලා සමග නිදාගැනීමෙන් වාසි අත් වන අතර අවාසිද නැතුවා ම නොවේ.ඔබගේ සුරතලා නිසි පරිදි පුහුණු කල සුරතලෙක් නොවුන හොත් ඒ නිසා ඔබට නිතරම අවදි වීමටද සිදු වේ. එමෙන්ම ලොම් නිසා ඔබට විවිධ ස්වසන ආබාධ ඇති වීමටද හැකිවේ.