
ඔබේ ජීවිතය අපිළිවෙළයි වගේ ඔබට දැනෙනවද? ඔබේ ජිවිතයේ කුමක් හෝ අඩුපාඩුවක් ඇති බව නිතරම ඔබට දැනෙනවද? නමුත් ඒ කුමක් දැයි ඔබට හඳුනාගත නොහැකිද? සමහර අවස්‌ථාවල අපට අපේ ජීවිතය තැනක නැවතී නැත්නම් සිරවී තිබෙන බවක් හැඟෙනවා. ලොව කිසිම බලවේගයකට අපට උදව් කළ නොහැකි බවක් හැඟෙනවා. මෙන්න මේ වගේ අවස්‌ථාවක තමයි ඔබ විශ්ව ශක්‌තිය පිළිබඳ අවධානය යොමුකළ යුත්තේ. එයට ඔබේ ජීවිතය සුබවාදී ලෙස වෙනස් කිරීමට විශ්මිත හැකියාවක් තිබෙනවා. අද බොහෝ දෙනා අතර මෙම විශ්ව ශක්‌තිය පිළිබඳ අවධානයක් සහ උෙද්‍යාaගයක් ඇතිවී තිබීම හොඳ ප්‍රවණතාවක්.
හින්දු දහමට අනුව විශ්ව ශක්‌තිය හඳුන්වන්නේ ප්‍රාණ ලෙසයි. පෙන්ෂු වල එය චී යනුවෙන් හැඳින්වෙනවා. මෙය කුණ්‌ඩලී ශක්‌තියේ ප්‍රභවය ලෙසද හැඳින්වෙනවා. විද්වතුන් මෙය හඳුන්වන්නේ ක්‌වැන්ටම් හිස් අවකාශ ශක්‌තිය නොහොත් ඔරගෝන ශක්‌තිය ලෙසයි.
කුමක්‌ද මේ විශ්ව ශක්‌තිය
ඇත්තෙන්ම කුමක්‌ද මේ විශ්ව ශක්‌තිය? මේ විශ්ව ශක්‌තිය නියත වශයෙන්ම මෙය යෑයි හඳුන්වාදීමට හැකියාවක් නැහැ. එය අප අවට සෑම තැනම විසිරී තිබෙනවා. එය විශ්වය පුරා මන්දාකිණි අතර පරමාණු අතර අවකාශ තුළ පැතිරී පවතිනවා. එය පියවි ඇසට බලන්නට හැකියාවක් නැහැ. එය හරියට අප ආශ්වාස කරන වායුව වගෙයි. අපට දකින්නට නොහැකි වුණත් එය අපට ලබාගන්න පුළුවන්. විශ්ව ශක්‌තිය ලොව පවතින සියලුම පණ ඇති දේවල් තුළින් ගලා යන ශක්‌තියක් ලෙස හැඳින්වෙනවා. එය සියලුම සත්ත්වයන්ගේ සිරුරු තුළට මෙන්ම සියලුම ශාකයන් තුළටද ගලා යනවා. මෙය අපට අප හුස්‌ම ගන්නා වාතය තුළින් සහ අපේ නින්ද තුළින්ද සිරුරට ලැබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම මෙම ශක්‌තිය භාවනාව තුළින් හා ප්‍රාණයාම වැනි යෝගී ක්‍රම මගින් වඩ වඩාත් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙය සිරුරේ ඇති ඕරා සහ චක්‍ර සමඟද සමීපව බැඳී පවතිනවා. මේ කොයි නමින් හැඳින්වුවත් එය ලොවම පාලනය කරන එකම විශ්ව ශක්‌තියයි. මේ පිළිබඳ විවිධ මත ප්‍රකාශ වෙනවා. කෙනෙක් ඉපදුණ විට ගන්නා පළමු හුස්‌ම පොදෙන් විශ්ව ශක්‌තිය සිරුරට ඇතුළු වනවා මෙන්ම කෙනෙක් මියගිය විට මෙම ශක්‌තිය සිරුරෙන් පිටවෙන බව කියෑවෙනවා. මෙම ශක්‌තිය අපේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය, ස්‌නායු පද්ධතිය සමඟ දැඩි ලෙස සම්බන්ධ වී පවතිනවා. සිරුර තුළ විශ්ව ශක්‌තිය දුර්වල වූ විට අප වෛරස් රෝග වැනි රෝගාබාධවලට පහසුවෙන් ගොදුරු වෙනවා. නමුත් එම ශක්‌තිය වර්ධනය වීමේදී අප සුවපත් වෙනවා .
මේ විශ්වයේ සෑම දෙයක්‌ම සිදු වන්නේ විශ්ව ශක්‌තිය අනුවයි. විශ්වය ගතහොත් අප එයින් එක් තිතක් පමණයි. අප විශ්ව ප්‍රාණීන් වනවා. විශ්ව ශක්‌තිය යනු ජීවිතය පවත්වාගෙන යන ශක්‌තියයි. එය අපට අපේ ජීවිතය පවත්වා ගැනීමට මෙන්ම අපේ මනස පුබුදුවාලීමට ඉතා වැදගත් වෙනවා. විශ්ව ශක්‌තියේ මූලික ලක්‌ෂණය පරම සතුටයි. ඒ සාමය, ආදරය සහ ප්‍රීතිමත් බවේ සම්මිශ්‍රණයක්.
විශ්ව ශක්‌තිය අපේ සෑම ක්‍රියාවකම, ප්‍රතික්‍රියාවකම, අවස්‌ථාවකම පදනමයි. අප සියලු දෙනාටම යම් ප්‍රමාණයක විශ්ව ශක්‌තියක් ස්‌වභාවයෙන්ම ලැබෙනවා. ඒ අප නිද්‍රdවේ සිටින විට ඉතාම නිශ්චල පරිසරයක සිටින විට සහ අපේ මනස නිශ්චල වන අවස්‌ථාවකයි. නමුත් මෙම ශක්‌ති ප්‍රමාණය දිනපතා අපගේ පංෙච්න්ද්‍රියන් මගින් සිදු කරන සියලුම කාර්යාවලියන්ට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා තමයි අපට වැඩිපුර විශ්ව ශක්‌තිය අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම ජීවිතය පිළිවෙළකට පවත්වා ගැනීමට එනම් ප්‍රීතිමත් මෙන්ම නිරෝගී ජීවිතයක් සඳහා දැනුම ලබාගැනීමට ජීවිතයේ විවිධ අවස්‌ථාවන්ට සාර්ථකව මුහුණ දීමට අපේ විඥනයේ පරාසය වැඩිකර ගැනීමට විශ්ව ශක්‌තිය උපකාරී වෙනවා.
විශ්ව ශක්‌තියෙන් ඔබට ලබා ගත හැකි ප්‍රතිඵල
අපේ සිරුර සහ මනස වටා තිබෙන ශක්‌ති ක්‌ෂේත්‍රය විශ්ව ශක්‌තියෙන් ශක්‌තිය ලබා ගන්නවා. මෙම ධනාත්මක ශක්‌තිය අපේ රෝග සහ මනස සුවපත් කරනවා. සෘණ ශක්‌තිය ඉවත් කරනවා. නිරෝගී කරනවා සහ අපේ ජීවිතය තුළ සංහිඳියාව ඇති කරනවා. විශ්ව ශක්‌තිය අපේ හිස මුදුනින් අපේ සිරුර තුළට ඇතුළුවී සිරුර පුරා ගලා යනවා. භාවනාව කරන්නේ මෙම ශක්‌තිය ලබා ගැනීමට අපේ මනස සන්සුන් කරමින් අවධානය යොමු කරමින් රුකුල් දීමයි. ආතතිය, විෂාදිය සහ සෘණාත්මක හැඟීම් සහ කනස්‌සල්ල නිසා බොහෝ පුද්ගලයන්ගේ සිරුරේ චක්‍රයන් වැසී තිබෙනවා. විශ්ව ශක්‌තිය මෙම චක්‍ර මගින් ඇතුල්වී සිරුරෙහි ස්‌වභාවික ශක්‌ති ක්‌ෂේත්‍රයන්ට සහාය ලබා දෙනවා. භාවනාවේදී සිරුරත් මනසත් ඒකාග්‍රතාවයට පැමිණෙනවා. මේ නිසා භෞතික සහ මානසික ආත්මය විශ්ව ශක්‌තිය ලබා ගැනීමට සුදානම් කරනවා මෙන්ම රෝග සුවකිරීමටද උපකාර කරනවා. රේකී වැනි රෝග සුව කිරීමේ ක්‍රම මගින් ද මෙම විශ්ව ශක්‌තිය ලබා ගැනීමට හැකිවනවා. විශ්ව ශක්‌තිය ඔබේ මතක ශක්‌තිය වර්ධනය කරන අතර තමන්ගේ මානසික ජීවිතය සුවපත් කිරීමට ආත්ම ශක්‌තිය සහ තාරුණ්‍යය අවදි කිරීමට උපකාරී වෙනවා. රේකී වැනි සුව කිරීමේ ක්‍රියාවලදී සිදු කරන්නේ තම දෙඅත් මගින් ස්‌පර්ශ කිරීමෙන් විශ්ව ශක්‌තිය තමන්ටම හෝ අනෙක් අයෙකුගේ සිරුරට ගලා යැමට සැලැස්‌වීමයි. මේ සඳහා සිරුරේ චක්‍ර ආසන්න විශේෂ ස්‌ථාන තිබෙනවා. මෙහිදී කෙනෙකුට දැනෙන්නේ ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් තම සිරුර තුළ ගලා යනවා වැනි හැඟීමක් බව පැවසෙනවා. ඒ වගේම අත්ලට තරමක උණුසුමක් මෙන්ම හිරිවැටීමක් වැනි දෙයක් දැනෙන බවත් පැවසෙනවා. එය විශ්ව ශක්‌තිය සිරුරට ලැබෙන බවට සලකුණක්.
විශ්වයේ විශ්ව ශක්‌තිය අසීමිතව තිබෙනවා. නමුත් විශ්ව ශක්‌තිය වැඩියෙන්ම ලබා ගැනීමට හොඳම මෙන්ම පහසුම ක්‍රමය නම් භාවනාවයි. මෙම භාවනාව පිරමීඩයක් වැනි ආකෘතියක් තුළ කළ විට අපට ලැබෙන විශ්ව ශක්‌තිය තුන් ගුණයකින් වැඩිවනවා. ඒ එම තලයේ තිබෙන හැඩය අනුව සිදුවන්නක්. එමෙන්ම පිරමීඩයක මුදුනේ පළිඟුවක් සවිකිරීමෙන් මෙම ශක්‌තිය තවත් වර්ධනය කරගත හැකි වනවා.
මේ මගින් කෙනකුගේ භෞතික ශරීරය සහ මනස සහ සිතුවිලි සියල්ලම සුවපත් කරනවා. ඒ මගින් මනසට විවේකය, සාමය සහ ආරක්‌ෂාව ලබා දෙනවා. ලොව බොහෝ දෙනෙකු මේ මගින් විස්‌මිත ලෙස සුවපත් වී තිබෙන බව පැවසෙනවා.
භාවනාව යනු මහත් අසීරු දෙයක් නොවෙයි. විශේෂයෙන්ම ආනාපානාසති එනම් තම ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි අවධානය යොමු කිරීම ඔබට ඕනෑම ස්‌ථානයකදී සිදු කරන්න පුළුවන්. දිනපතා කරන මෙවැනි කෙටි භාවනාවකින් ලබා ගන්නා විශ්ව ශක්‌තියෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල අසීමිත වනවා. එබැවින් භාවනාව ජීවිතයේ පුරුද්දක් කරගෙන විශ්ව ශක්‌තිය වඩ වඩාත් ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න.
ශ්‍රියානි ද සේරම්