සම රැළි වැටෙන එක නතර කරගන්න ක්‍රම 6ක් - මරුසිරා - Marusira

Latest

2017

Thursday, May 24, 2018

සම රැළි වැටෙන එක නතර කරගන්න ක්‍රම 6ක්


1. කෝමාරිකා
කෝමාරිකා තමයි මේ ප්‍රශ්නෙට තියෙන අංක එකේ විසඳුම. කෝමාරිකා කියන්නේ සමේ තෙතමනය රැක ගන්න විතරක් නෙවෙයි බොහොමයක් රුපලාවන්‍ය නිෂ්පාදන වලට යොදා ගන්න ඔයාට ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ වගේම එය පිරිසිදුකාරකයක්. කෝමාරිකා මදය මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා හරින්න. මේ සත්කාරය දිනපතා කිරීම ඉතා යෝග්‍යයි. එයින් ඔයාගේ සමට තෙතමනය විතරක් නෙවෙයි පැහැපත් බවක් වගේම ප්‍රාණවත් බවක් ලැබෙනවා.

2. ඔලිව් තෙල්
ඔලිව් කියන්නේ සමේ වියලි බව නැති කරන්න යොදා ගන්න පුළුවන් වටිනා ඖෂධයක් කිව්වොත් නිවැරදියි. ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන මුහුණේ ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. විනාඩි කිහිපයකින් සෝදා ඉවත් කරන්න. එය සමට තෙතමනයක් වගේම පැහැපත් බව ලබා ගන්න හොඳ සත්කාරයක්. හැබැයි නිතර නිතර ආලේපයෙන් කුරුලෑ ඇති වෙන්න පුළුවන්.

3. ආමන්ඩ්
රුව රක ගැනීමේ සුවිශේෂී හැකියාවක් අමන්ඩ් වලට තියෙනවා. කලින් කිව්වා වගේම අමන්ඩ් තෙල් යොදාගෙන මුහුණ සම්බාහනය කරන්න පුළුවන් වගේම අමන්ඩ් කෑමට එකතු කර ගන්නත් පුළුවන්නම් සමේ වියලි බවට හොඳ විසඳුමක්.

4. ලෙමන්
වියළි සමකට ලෙමන් යුෂ පමණක් අලේප කිරීම සුදුසු නැහැ. ඒ නිසා යෝගට් ස්වල්පයකට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කරලා ආලේප කරන්න. එහෙම නැත්තන් මී කිරි එකතු කරන්න. විටමින් E ,සහ මි පැණි මේ ආලේපනයට එකතු කර ගන්න පුලුවනම් තවත් හොඳයි.

5. කිරි
නැවුම් එළ කිරි වලට ඔයාගේ සමට ඉතා ඉහල පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. නැවුම් එළකිරි ස්වල්පයක් ගෙන මුහුණේ ආලේප කර හොඳින් සම්බාහනය කර විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා ගරින්න. මේකට ඔයාට කහ ස්වල්පයකුත් එකතු කර ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේම ඔයාට මේ වෙනුවට මුදවපු එළ කිරිත් යොදා ගන්න පුළුවන්.

6. කැරට්
කැරට් ගෙඩියක් තම්බලා හොඳින් පොඩි කර ගන්න. නැත්තම් බ්ලෙන්ඩර් කර ගන්න. ඒකට දෙහි බිංදු කීපයක් සහ මී පැණි ස්වල්පයක් එකතු කරලා මුහුණේ අලේප කර හොඳින් වියලෙන්නට හැර සෝදා හරින්න. සම රැළි වැටීමට ඉතා හොඳ ප්‍රතිකාරයක්.