
තම නිවස ඉදිරිපිට ගහකොළ සිටුවන්නට අප සැම දෙනා තුළම ඇත්තේ ඉතාමත් ඉහළ කැමැත්තකි.
සිටුවිය යුතු ශාක මොනවාද? සුබ පළ වගේම අසුබ ශාක වර්ග බොහොමයක් ඇත. මේවා පිළිබඳව අප දන්නා කරුණු ඉතා අල්පයි. මේ කෙටි කරුණු කිහිපය තුළින් ඔබට සුබ ශාක පිළිබඳ අවබෝධයක් ලබා ගත නොහැකිය.
නිවස ඉදිරිපිට කොහොඹ ගසක් සිටුවීෙමන් නිවැසියන්ට දීර්ඝායුෂ ලැබීම හා වාසනාව ළඟා වීම සිදු වේ.
නිවස ඉදිරිපිට දෙළුම් වෘක්ෂයක් සිටුවීමෙන් නිවැසියෝ සැපත ලබති.
නිවස ඉදිරිපිට කෑල ගසක් සිටුවීමෙන් නිවැසියන්ට ආරක්ෂාව ලැබේ. නිවස ඉදිරිපිට බෙලි වෘක්ෂයත් සිටු වීමෙන් නිවසට සිරිකත පැමිණීම සිදු වේ
නිවස ඉදිරිපස දෑ සමන් පැළයක් සිටුවීමෙන් නිවැසියන්ට අධික සැප (දිවිය සැප) ලබා ගත හැකිය.
නිවස ඉදිරිපස පළොල් ගසක් සිටුවීමෙන් අධික සැප (දිවිය සැප) ලබා ගත හැකිය.
නිවස ඉදිරිපස ඇට්ටේරියා වෘක්ෂයක් සිටුවීෙමන් නිවැසියන්ට ආශ්චර්යවත් ප්‍රීතියක් දෙවඟනක් සමඟ ජීවත්වීමේ භාග්‍ය ලබා ගත හැකිය.
නිවස ඉදිරිපස මී ගසක් සිටුවීමෙන් නිවැසියන් ලෙඩ රෝගවලින් ආරක්ෂාවීම සිදු වේ.
නිවස ඉදිරිපස බුලු වෘක්ෂයත් / මුණමල් වෘක්ෂයත් සිටුවීෙමන් නිවැසියන්ට දැසිදස්සන් ලැබීම සිදු වේ.
නිවස ඉදිරිපිට අශෝක / දොඹ / සපු වෘක්ෂ සිටුවීමෙන් නිවැසියන්ට වාසනාව ළඟා වීම සිදු වේ.
නිවස ඉදිරිපිට කෝමාරිකා පැළයක් සිටුවීමෙන් නිවැසියන්ට ඇස්වහ කටවහවලින් ආරක්ෂාව ලැබේ.
නිවස ඉදිරිපිට දුටුසතුටු පැළයක් සිටුවීෙමන් නිවැසියන්ට සතුට සම්පත ළඟා කර ගත හැකිය.
අමනාප වී සිටින දෙදෙනෙකුගේ අත්වලට සමාදාන පැළැටියක පත්‍රයක් දෙකඩ කඩා දීෙමන් එම දෙදෙනා මිත්‍ර වන බව සඳහන්
නිවසක ඉදිරිපස උස් වෘක්ෂ පේළි වශයෙන් නොවැඩිය යුතු අතර එහි ඡායාවන් නිවසට වැටීම අසුභදායි වේ.
නිවස ඉදිරිපිට තල ගසක් සිටුවීෙමන් එම නිවසේ දරුවන්ගේ විනාශය සිදු වේ.
නිවස ඉදිරිපිට ආරිය ගසක් හෝ කොබෝ නීල ගසක් සිටුවීෙමන් නිවැසියන්ට දුක් කරදර ඇතිවිය හැකිය.
නිවස ඉදිරිපිට වැටකේ ගසක් සිටුවීෙමන් එම නිවැසියන්ගේ විනාශය සිදු විය හැකිය. නිවසක නිරිත හා ගිනිකොණ දිගින් උද්‍යානයක් සිටුවීම නිසා නිවැසියන්ට දුක් කරදර ඇති විය හැකිය.
අජිත් ප්‍රියන්ත නවරත්න
උපුටා ගැනීම-http://www.lankadeepa.lk