ලංකාව පුදුම කරපු අමුතුම අමුතු වෙඩින් වැඩ 4ක් - මරුසිරා - Marusira

Latest

2017

Monday, June 4, 2018

ලංකාව පුදුම කරපු අමුතුම අමුතු වෙඩින් වැඩ 4ක්


මොනවා කලත් ඇයගේ අනසකට යටත් වෙන එක නියතයක් උනත් අපි මේ සදහටම සිරගත වීම සුන්දරව සමරන්න එක එක දේවල් කරනවා. සමහර අය තරු5 හෝටලේක කෝටි ගානක් දීලා කසාදෙ කරනකොට, තවත් සමහර අය තනියම යාලුවො දෙන්නෙක් එක්ක ඇවිත් රෙජිස්ට්‍රාර් ඉස්සරහ අත්සන් කරලා තමන්ගේ ජීවිතේ පටන් ගන්නවා.
ඒ හින්දා ලංකාවෙ තමන්ගෙ වෙඩින් එක අමුතුම විදියට ගන්න හිතපු අය කීප දෙනෙක් ගැන අපි ඔබට කියන්න හිතුවා.

1. ලෝකේ ලොකුම වෙඩිම

ගෙස්ට්ල කීදෙනෙක් හිටියද දන්නෙ නැහැSource - worldrecordacademy.com
ගෙස්ට්ල කීදෙනෙක් හිටියද දන්නෙ නැහැ
Source – worldrecordacademy.com

මොනවා උනත් ඔබත් මෙහෙම මගුල් උත්සවයක් ගන්න හිතනවා නම් ඊට කලින් ලොතරැයි දිනුමක් වත් දිනා ගෙන ඉන්න.
ලංකාවේ ජෝඩුවක් මෑතකදී ලෝකේ ලොකුම මගුල් ගේ පවත්වලා ඒ සඳහා වන ගිනස් ලෝක වාර්තාව දිනාගත්තා. නිසංසලා සහ නලීන් තමයි මේ අපූරු මගුල් ගෙදර විවාහපත් වුන දෙදෙනා. ඒ තනිවම නොවෙයි. දෙවෙනි මනමාලියන් 126 දෙනෙක්,දෙවෙනි මනමාලයන් 25ක්, මල් කුමාරවරුන් 20ක් සහ මල් කුමරියන් 23ක් සමඟයි. ඔවුන් දෙදෙනාට කලින් මේ ලෝක වාර්තාවට හිමිකම් කිව්වේ තායි යුවලක්. ඔවුන් විවාහපත් වුනේ බැංකොක් නගරයේදීයි. ඒ මල්කුමාරියන් 96 දෙනෙක් සමගින්.
මේ දෙවෙනි මනමාල හමුදාවට ඇඳුම් නිර්මාණය කලේ අපි කවුරුත් දන්නා රුපලාවන්‍ය ශිල්පිනියක් වන චම්පි සිරිවර්ධන. නිසංසලා කියන්නේ චම්පිගේ සහෝදරියයි. ඒ නිසා මේක පවුලේ වාර්තාවක් කියලත් හඳුන්වන්න පුළුවන්.

2. පොලීසියේ බලු මගුල

හරි සිරියාවන්තයිනේ බ්‍රයිඩ්ස්මේඩ්ල දෙන්න? Source - telegraph.co.uk
හරි සිරියාවන්තයිනේ බ්‍රයිඩ්ස්මේඩ්ල දෙන්න?
Source – telegraph.co.uk

නීතිය රකින පොලීසිය උනත් ඉඳලා හිටලා හරි මෙහෙම බලු වැඩක් කරනවා කියන්නේ අපිටත් ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න පුළුවන් කියන එක.
මීට අවුරුදු දෙකකට විතර කලින් තදබල විදියට කතා බහට ලක්වුන සිදුවීමක් විදියට මේ සුනඛ කසාදය හඳුන්වා දෙන්නට පුළුවන්. මේක පවත්වන්නට මුල් වුනේ පොලිස් දෙපාර්තමේන්තුව වීම විශේෂත්වයක්. තොප්පි, සුදු මේස්, සහ අවුකන්නාඩි පළඳවා පෝරුවක් වැනි රඳවනයක් මත නංවා සිටි සුනඛ ජෝඩු 9ක් එදා මෙලෙසින් විවාහපත් කළා. ඒ විතරක් නොවෙයි ඔවුන්ව පොලිස් ජීප් රියක නග්ගවලා මධුසමය ගත කරන්නත් පිටත් කර හරිනවා එකල මාධ්‍ය වල පළවුනා. නුවර නගර මධ්‍යයේ පැවති මේ අපූරු මගුල් උත්සවය පැවැත්වුනේ පශුවෛද්‍යවරුන්, පොලිසියේ ඉහල නිලතල දරණ අය සහ වෛද්‍යවරුන් සහභාගී කරවාගෙනයි.
එකල සංස්කෘතික ඇමති වූ ටී.බී. ඒකනායක මහතා මේ උත්සවය ලාංකික විවහා සිරිතට කල අපහාසයක් බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුව පොලීසියට ඒ සම්බන්ධයෙන් සමාව ගන්නටත් සිද්ධවුනා.

3. රෝසෑන් සහ දිල්රුක් ගේ ග්‍රීක විවාහය

සූට් එකට යන ගානත් අඩුයිනෙSource – srilankanbeauties.com
සූට් එකට යන ගානත් අඩුයිනෙ
Source – srilankanbeauties.com

පින්තුර ටික දකිනකොට අපිට නිකමට හිතුනේ මේ සම්ප්‍රදාය මේ වෙඩින් එකෙන් පස්සේ continue උනේ නැත්තේ අපරාදේ කියලා. වෙනදට වගේ හිර කරගෙන ඉන්නේ නැතුව මේ වගේ සැහැල්ලු ගවුම් වගේ එව්වා, අඳින එක මොන තරම් සැහැල්ලුවක් ද?
අනික… ගලවන්නත් ලේසියිනෙ…
හිටපු ජනප්‍රිය නිරුපන ශිල්පිනියක් සහ රූප රාජිනියක් වන රොසෑන් ඩයස් සහ දිල්රුක් ලියනගේ අතර වූ විවාහය ඒ කාලේ කාගේත් කතා බහට කල් වුනා. ඒකට හේතුව තමා පල්ලියේ චාරිත්‍ර වලින් පසුව ඔවුන් දෙදෙනාම ග්‍රීක සම්ප්‍රදාය අනුව සැකසු ඇඳුම් ආයිත්තම් වලින් සැරසීම. එකල මහත් කතාබහට ලක් වුන මේ විවාහය ඔවුන් වෙතට ඉමහත් ජනප්‍රියත්වයක් ගෙන දුන්නා.
ආරාධිතයින් සියල්ලන්ම පාහේ ග්‍රීක තේමාවක් සහිත ඇඳුම් ආයිත්තම් වලින් සැරසී පැමිණීම නිසා එය අමුතුම අත්දැකීමක් බවට පත් වුනාට කිසිම සැකයක් නැහැ.

4. දෙවන මනමාලයන් බලු වූ විවාහය

ඒ දෙන්නත් බුෆේ එක ඇරියද?Source - srigedara.blogspot.com
ඒ දෙන්නත් බුෆේ එක ඇරියද?
Source – srigedara.blogspot.com

මේ කියන්න යන්නෙ තවත් බලු විවාහයක් ගැන නම් නෙවෙයි.
ලංකාවේ මුල්වරට දෙවන මනමාලයන් විදියට සුනඛයන් දෙදෙනෙක් යොදාගත් මගුල් ගේ ගැන තමා මේ කියන්න යන්නේ. ඩැල්මේෂන් සුනඛයින් දෙදෙනෙක් දෙවන මනාලයින් ලෙස යොදාගෙන කසුන් සහ මිලානෝ අතර වූ මේ අපූරු මංගල උත්සවය අලුත්ම තේමාවකට අනුව සංවිධානය කෙරුණත් අපේ රටේ සිටින වැඩිහිටියන්ගෙන් නම් මේ ගැන පළවුණේ හොඳ ප්‍රතිචාරයක් නම් නොවෙයි. ඊට හේතුව මේ මනාල ජෝඩුව සම්මතයෙන් පිට පැනලා අලුත් දෙයක් කරන්නට උත්සහ ගන්න එක වෙන්න පුළුවන්.