බබාලා අම්මාගේ බඩට පයින් අනින හේතු - මරුසිරා - Marusira

Latest

2017

Saturday, May 26, 2018

බබාලා අම්මාගේ බඩට පයින් අනින හේතු


උතුම් මව් පදවිය ලබන්න ඉන්න අම්මා කෙනෙක්ගෙන් අහලා බලන්න තමන්ගේ කුසේ ඉන්න දරු පැටියා බඩ ඇතුලෙ ඉදන් පයින් අනිනකොට දැනෙන හැගීම මොන වගේද කියල. තමන්ගේ දරු පැටියට තියෙන ආදරෙත් එක්ක හැම අම්මා කෙනෙක්ම කියන්නේ ඒ මගේ බබා මට පයින් ගහනවා නෙමෙයි එයා මට තුරුල් වෙන්න ඉඩ හදා ගන්න එහාට මෙහාට වෙනකොටයි එහෙම වෙන්නේ කියල.

තමන්ගේ කුසේ ඉන්න දරු පැටියා පයින් අනිනවා දැනෙන පලවෙනි අත්දැකීම අම්මා කෙනෙකුට කොච්චාර සතුටක්ද? ඒ තමයි ඇය කාන්තාවකට ජිවිතේ ලබන්න පුළුවන් උතුම්ම පදවිය වන මව් පදවියට තමන් ඇතුළු වෙලා කියන සතුට ඇත්තටම දැනෙන දවස කොහොම උනත් මාස 9ක් පුරාවටම දරු පැටියෙක් බඩේ තියාගෙන ලබන අත්දැකීම්, ලබා ගන්න දැනුම මුහුණ දෙන කලබල අවස්ථාවන් කාටවත් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. කුසේ ඉඳන් පුංචි පැටියා කරන හැම පොඩි දෙයක්ම කුතුහලයක් ගේනවා වගේම ඒ නිසා අම්මෙක් දරු පැටියගේ වැඩීම කෙරෙයි සැලකිල්ලක් දක්වන තත්වයට ඉබේම පත් කරනවා.



කොහොමද දරු පැටියා පයින් ගහන්නේ, නිරෝගී දරු පැටියෙක් දවසට කි පාරක් දගලනවද, ඇයි දගලන්නේ නැත්තේ වගේ දහසක් ප්‍රශ්න නිරෝගී දරුවෙක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙකුටම තියෙන එක පුදුමයක් නෙවෙයි. කොහොම හරි මේ හැම අත්දැකීමක් එක්කම අවසානයේදී අම්මා කෙනෙක් විදියට දරුවෙකුගේ හැම හැසිරිමක්ම, වෙනසක්ම හොඳින් තේරුම් ගන්න පුළුවන් තත්වයට පත්කරනවා.

මේ විදියට අම්මා කෙනෙකුට වැදගත්ම කාරණාවක් වෙන දරු පැටියකු කුස තුල දැගලිම ගැන බොහම රසවත් හා වැදගත් කරුණු කීපයක් තමයි මේ කියන්නේ

ඔබ දන්නවද කුසේ ඉන්න දරු පැටියාගේ දැගලීම පිටුපස නිරෝගිමත් දරුවකුත්, ඔහුගේ වර්ධනයත් පෙන්වන බව. දරුවාගේ දැගලීම නිරෝගී බවත්ක්‍රියාශිලිත්වයත් පෙන්වන සංකේතයක් වෙනවා. ඒ නිසා බිය වීමට කිසිම අවශ්‍යතාවයක් නෑ.ඒ වගේම ඔබ දන්නවද පිටත සිදුවන දෙවල් වලට ප්‍රතිචාර දැක්වීමටත් දරුවා කුස තුල සිට එහාමෙහා වෙන බව. විශේෂයෙන්ම පිටතින් එන ශබ්දවලට ප්‍රතිචාර දැක්වීමට දරුවා යොමු වීමයි මේකට හේතුව.ඒ වගේම මව වම ඇලයට හැරි නිදා ගත්තමත් දරුවාගේ දැගලිම වැඩි වෙනවා. මව වම් ඇලයට නිදා ගත්තම වම් ඇලයෙහි ලේ ගමනාගමනය වැඩිවීම මගින් දරුවා දෙසට ලේ ගමනාගමනය වැඩිවීමෙන් දරුවාගේ ක්‍රියාශීලිත්වය වැඩි වෙනවා. ඒ නිසා මව වම් ඇලයට නිදා සිටින විට දරුවාගේ දැගලිම වැඩි වෙනවා.මව ආහාර ගැනීමෙන් පසුවත් දරුවාගේ දැගලීම වැඩි වෙනවා

දරුවෙක් කුසට ඇවිල්ල සති 9කට පස්සේ තමයි පළමු දැගලීම දැනෙන්නේ. නැවතත් දරුවාගේ දෙවන් දැගලීම දැනෙන්නේ ගැබ් ගැනීමෙන් සති 13කට පස්සෙයි.දරුවෙක් දගලන වාර ගණන අනුව දරුවගේ නිරෝගී බව හා ක්‍රියාශීලිත්වය මැන ගන්නත් පුළුවන්. දරුවකු දිනකට කුස තුල දගලන වර ගණන අඩු නම් නිරෝගි බවෙන් හා ක්‍රියාශිලිත්වයෙන් අඩුයි. දරුවාගේ දගලන වාර ගණන අඩුයි නම් ඔහුට නිසි ලෙස ඔක්සිජන් නොලැඛෙන නිසා වෙන්නත් පුළුවන්.කොහොම උනත් සති 36කට පස්සේ දරුවාගේ දගලන වාර ගණන වැඩි උනාට ඔබ බිය විය යුතු නැ. සති 36කට පස්සේ දරුවාගේ වර්ධනය වේගවත් වෙන නිසයි එහෙම දරුවාගේ දැගලීම වැඩි වෙන්නේ.