ලොව භයානකම කල්ලියක් වන ජපානයේ යකුසා කල්ලිය ගැන විස්තරය.. - මරුසිරා - Marusira

Latest

2017

Monday, May 28, 2018

ලොව භයානකම කල්ලියක් වන ජපානයේ යකුසා කල්ලිය ගැන විස්තරය..


ජපානයේ යකුසා කල්ලියේ සාමාජිකයන් ලක්ෂයකට අධික පිරිසක් ලොව පුරාම පැතිර තිබෙනවා. මොවුන් ලොව පුරාම බොහෝ අපරාධ ක්‍රියා වලට සම්බන්ධ වන අතර මෙම කල්ලියේ සාමාජිකත්වය ලබා ගැනීමට පුද්ගලයෙක් තම පවුලත් සමග පවතින සියලු සබදතා නතර කල යුතු වේ.



අසමත් වීම යන්න තහනම් වචනයක් වන අතර කිසිදු අවුල් ක්‍රියාවක් සිදු කළහොත් එහි සාමාජික පුද්ගලයාගේ ඇගිලි වලින් වන්දි ගෙවීමට සිදු වේ.



මොවුන්ටම ආවේණික වූ චාරිත්‍ර පවතින අතර මුළු ශරීරයේම පච්ච වලින් කැටයම් කර සිටී.



හොර අවි ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් , කුළියට මිනි මැරීම, ගණිකා ව්‍යාපාර, සුදූ ව්‍යාපාර, හෝටල් හා ටැක්සි ව්‍යාපාර වැනි ක්‍රියා වල යකුසා කලිලිය නිරත වේ. යකුසා යන්නෙහි අරුත කිසවක හොදක් නොමැති බව වේ.



කෙසේ නමුත් යකුසා කල්ලිය සමාජ සුබසාදන වැනි ක්‍රියා වලද බහුල ලෙස නියැලෙන බව පැවසේ. මොවුන් සාදාරණත්වය යන්න වැඩි වශයෙන් අගයන කල්ලියක් වීම නිසාවෙන් යකුසා සාමාජිකත්වය ජපානයේ නීති විරෝධී නොවන බවද පැවසේ.