
පවුලකට අලුත් සාමාජිකයෙකු එකතු වීම නිවසක් සතුටින් පිරි ඉතිරි යන ඉතා සුන්දර මොහොතකි. ඔබගේ අලුත උපන් කිරි කැටියා වැඩි වෙලාවක් නිදාගැනීම ඔබට ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. නමුත් දරුවෙකු තම පළමු වසරෙන් අර්ධයකයට වඩා වැය කරන්නේ නිදා ගැනීමට බව පර්යේෂකයින් පෙන්වා දෙයි. දරුවෙකු උපතින් වසරක් පමණ ගත වන තුරු වැඩි කාලයක් නිදාගැනීමට හේතු වන කරුණු පහත සදහන් වේ.
01. දරුවන්ගේ ශරීරයේ වර්ධනය සිදු වේ.
දරුවෙකුගේ ශරීරයේ වර්ධනය සදහා නින්ද ඉතා වැදගත් අංගයකි. දරුවෙකු නිදාගෙන සිටින අවස්ථාවේදී ශරීරයෙන් වර්ධක හෝර්මෝන ශ්‍රව්‍ය වන අතර එම කාලය තුල දරුවන්ගේ ශරීරය වර්ධනය වීම වැඩි වශෙයන් සිදු වේ.
02. දරුවන්ගේ මානසික වර්ධනය සිදුවේ.
ගැබුරු නින්ද නිසා දරුවන්ගේ මානසික වර්ධනය සිදු වේ, අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය මෙමගින් වර්ධනය වන අතර එමගින් දරුවන්ගේ ශරීරයේ අභ්‍යන්තර පරිසරය ක්‍රමවත්ව සැකසීම සදහා අවශ්‍ය පසුබිම සලසා දෙයි.
03. මොළය වර්ධනය වේ.
දරුවන්ගේ නිදාගැනීම නිසා මොළයේ වර්ධනය ඉතා හොදින් සිදු වේ. විවධ දෑ කෙරෙහි දරුවන් දක්වන ප්‍රතිචාර වර්ධනය වීම මෙමගින් සිදු වේ.
04. විවිධ දේවල් ඉගෙනීමේ හැකියාව වර්ධනය කරවයි.
ඔබේ ළදරුවාට ඕනෑම දෙයක් හොදින් ඉගෙන ගැනීමේ හැකියාව වර්ධනය කිරීමේ ‘හැකියාව ‘ වැඩිපුර ලැබෙන්නේ දීර්ඝ ගැබුරු නින්දකිනි.වැඩිපුර නිදාගැනීමෙන් දරුවන්ගේ මනස වේගයෙන් වර්ධනය වන බව පර්යේ