ආදරය කරන කෙනා ලඟ තියාගන්න ඕනෙ නම් මේ ඡායාරූප 10 බලන්න - මරුසිරා - Marusira

Latest

2017

Monday, May 28, 2018

ආදරය කරන කෙනා ලඟ තියාගන්න ඕනෙ නම් මේ ඡායාරූප 10 බලන්න


ආදරය කරන ගෑණු ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ,තමන්ගේ පෙම්වතා ට කාලයක් යද්දී තමන්ව අමතක වීම, වගේ දේවල් නේ. ඉතින් මේ දේවල් වලට දුක් වේවි ඉන්නැතුව කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ දේවල් ගෑනු ළමයින්ට නම් ගොඩාක් වැදගත් වේවි. තවත් විදියට කිව්වොත් මේ පුංචි උපදෙස් 10ක්.

1.කතා කරන හැමවෙලේම දුරකතනය ගන්න එපා. ඔබත් ටිකක් කාර්යබහුල වෙන්න. එකේ වැරැද්දක් නෑ.

2. කියන්නේ තියන දේ පැහැදිලිව කෙටියෙන් කියන්න.වැල්වටාරම් හැම වෙලේටම ගැළපෙන්නේ නෑ.

3.මැසේජ් එකක් ආපු ගමන් පිළිතුරු යවන්න එපා. ටික වෙලාවක් ඉන්න. ඒ වගේම දවසකට විනාඩි 20ක් මැසේජ් කරාම හොඳටොම ඇති.

4.” ඔයා කරන්නේ මොකක්ද?” කියලා අහපු ගමන් පිළිතුරු දෙන්නත් එපා. ටිකක් ඉවසන්න.තමන් වෙනුවෙනුත් කාලය වෙන් කරගන්න.

5. විශේෂම දේ ,උදේ ඉදන් කරපු කියපු හැමදේම සමාජ ජාලා වල දාන්න ඕනිත් නෑ.

6.රෑ12ත් පහු වෙනකම් ඇහරිලා ඉන්න ඕනි නෑ.ඔබත් හොඳට නිදාගන්න.

7. එයාගේ සමාජ ජාලා ගිණුම් වලින් ඈත් වෙලා ඉන්න.

8.දවසකට විනාඩි 20කට වඩා මැසේජ් කරන්න එපා. එයාටත් ඔබව මුණ ගැසීමේ අවශ්‍යතාව හඟවන්න.

9.මැසේජ් කරනකොට emoji පාවිච්චි කරන්න. හැබැයි ඕනිවාට වඩා පාවිච්චි කරොත් එකෙන් පෙන්නේ ඔබේ නොමේරූකම කියලාත් මතක තියා ගන්න.

10.ඔබට කොයිතරම් ඔහුව අවශ්‍ය වුණත් ලේසියෙන් අහුවෙන්න එපා. පිරිමි කැමතියි අභියෝග වළට.

උත්සහකරලා බලන්නකෝ. හැබැයි අවස්ථාවට ගැළපෙන විදියට. මේ කියන්නේ ලොකුකම් පෙන්නන්න කියලානම් නෙවේ. ඔන්න වැරදියට තේරුම් ගන්න එපා. එහෙනම් සුභ දවසක්! අදහසුත් අපිට කියන්න,