ඔබ ආදරය කරන පුද්ගලයෙකුට ඔබගේ ආදරය පෙන්විය හැකි ක්‍රම 03ක් මෙන්න - මරුසිරා - Marusira

Latest

2017

Friday, May 25, 2018

ඔබ ආදරය කරන පුද්ගලයෙකුට ඔබගේ ආදරය පෙන්විය හැකි ක්‍රම 03ක් මෙන්න



ඔබ ආදරය කරන පුද්ගලයෙකුට ඒ බව පැවසීම ඔබටත් ඔහුටත් සතුටක් ගෙන දෙන කාරණයකි. කෙසේ වෙතත් ඔබගේ වචන වලට වඩා ඔබ සිදු කරන ක්‍රියාවන් අන් අය තුල හැගීමක් ඇති කරවීමට සමත් වෙනවා. ඔබ ආදරය කරන පුද්ගලයන් සතුටු කිරීමට ඔබට විශාල මුදලක් වැය නොවේ. ඉතා කුඩා සරල දේවල් වලින් ඔබට ඔවුන් සතුටු කරවන්නට පුළුවන් පහත දක්වා ඇත්තේ ඔබට එසේ සිදු කල හැකි දේවල් 03ක් පිලිබදවයි.

01.කුඩා සටහනක් ඔවුන්ට දෙන්න.

එය ඉතා සරල දෙයක් බව ඔබට සිතේවි. නමුත් දිනපතා හුවමාරු වන ඊමේල් පණිවුඩ දහස් ගානකට, කෙටි පණිවුඩ දහස් ගනනකට වඩා ඔබ විසින් ලියන ලද කුඩා ලියුමක් ඔවුන්ට අගයක් එකතු කරාවි. ඔබගේ අත් අකුරෙන් ඔබගේ අවංක හැගීම් එකතු කර ඔවුන්ට ලබා දෙන්න. ඔහු හෝ ඇය එම සටහන ජිවිත කාලයටම ආරක්ෂා කර ගනීවි.

02.ඔහු හෝ ඇය ආදරය කරන දෙයක් ඉගෙන ගන්න.

ඔබගේ පෙම්වතිය හෝ පෙම්වතා ආදරය කරන දෙයක් ඔහුට හෝ ඇයට පැවසීමෙන් තොරව ඉගෙන ගන්න. අවස්තාව ලද විටක ඔවුන් පුදුම කරවන්න. එමගින් ඔබගේ හදවතේ ඔහු හෝ ඇය වෙනුවෙන් විශේෂ ඉඩකඩක් පවතින බව ඔවුන්ට දැනේවි.

03.ජිවිතයේ කුඩා අවස්ථා සමරන්න.

ඔබ දෙදෙනා හමු වූ දා පටන් සිදු වූ කුඩා අවස්ථා මතකයේ තබාගන්න. එවැනි අවස්ථා ඉතා ආදරයෙන් සමරන්න. ඔබට ඒවා මතකයේ තබා ගැනීමට අපහසු නම් ඔබගේ දුරකතනයට එය ඇතුල් කරගන්න. එවැනි අවස්ථා ආදරයෙන් සැමරීමෙන් ඔබ දෙදෙනාගේ ආදරය වැඩි කරගැනීමට ඔබට පුළුවන්.