ලෝකෙ ඕනෑම තැනකට විදින්න පුළුවන් මිසයිල අපි ලඟ තියෙනවා රුසියාවේ ජනාධිපති පූටින් ලෝකයටම අනතුරු හගවයි - මරුසිරා - Marusira

Latest

2017

Sunday, June 3, 2018

ලෝකෙ ඕනෑම තැනකට විදින්න පුළුවන් මිසයිල අපි ලඟ තියෙනවා රුසියාවේ ජනාධිපති පූටින් ලෝකයටම අනතුරු හගවයි



ලෝකෙ ඕනෑම තැනකට විදින්න පුළුවන් මිසයිල අපි ලඟ තියෙනවා රුසියාවේ ජනාධිපති පූටින් ලෝකයටම අනතුරු හගවයි

ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටි ඉලක්කයකට විදිය හැකි න්‍යෂ්ඨික ආයුධ තමන් සතුව තිබෙන බව රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පවසයි.

ජනපතිවරණයට පෙරාතුව ජාතිය අමතා අදහස් දක්වමින් ඒ බව කියා සිටි ජනාධිපතිවරයා, මිසයිල නාශක පද්ධතිවලට හසු නොවන ආකාරයේ නව න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි මිසයිල දැන් රුසියාව සතු බවත් සඳහන් කළේය.
1
සබ්මැරීනවල සිට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයේ ද්‍රෝන යානා අත්හදා බලමින් සිටින බවත් ජනාධිපතිවරයා සිය දේශනයේදී හෙළි කළේය.

රුසියාව සතුව තිබෙන න්‍යෂ්ඨික ආයුධවලට වඩා බලගතු ආයුධ නිපදවීමට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලිටරි වැඩසටහනට තමන් ප්‍රතිචාර දැක්විය යුතු බව රුසියානු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

න්‍යෂ්ඨික නිරවිකරණ වැඩසටහන උල්ලංඝනය කරන බවට රුසියාව මීට ඉහතදී එක්සත් ජනපදයට චෝදනා කර තිබේ.

සිව් වැනි වරටත් ජනාධිපති පදවියට පත්වීම සඳහා ව්ලදිමීර් පූතින් තවත් දින 17කින් පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්ව සිටියි.

ජනපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කෙරේ.

රුසියාව සතු මිසයිල පිළිබඳව වීඩියෝ උපුටා දක්වමින් පැහැදිළි කළ ජනාධිපතිවරයා, එහිදී ප්‍රදර්ශනය කළ එක කෘස් මිසයිලයකට “ලෝකයේ ඕනෑම තැනකට ලඟාවිය හැකි” බවත් සඳහන් කළේය.

එමෙන්ම යුරෝපයේ හෝ ආසියාවේ පිහිටි කිසිදු මිසයිල නාශක පද්ධතියකට එය නැවැත්විය නොහැකි බවත් ජනාධිපති පූතින් අවධාරණය කළේය.