විලාසිතා කිරීමේදී ඕනෑම යුවතියක් දැනගතම යුතු විවිධ උපක්‍රම 12ක් - මරුසිරා - Marusira

Latest

2017

Saturday, May 26, 2018

විලාසිතා කිරීමේදී ඕනෑම යුවතියක් දැනගතම යුතු විවිධ උපක්‍රම 12ක්


යුවතියකට විල්ස්සිතා සිදු කිරීමේදී බොහෝ ගැටළු පැනනැගීම සාමාන්‍ය කාරණයකි. එවැනි අවස්ථා මග හැර ඔබගේ එදිනෙදා කටයුතු පහසු කරගත හැකි සරල ක්‍රම 12ක් මෙම ලිපියේ අඩංගු වේ.

12. තනපටයේ, පටි කඩදාසි ඇමිණුම් කටුවකින් සම්බන්ධ කරගන්න.

ඔබගේ ඇදුම උරහිස් රහිත ඇදුමක් නම් සහ ඔබට එයට ගැලපෙන තනපටයක් නොමැති නම් ඔබට මෙම උපක්‍රමය අනුගමනය කරන්නට පුළුවන්. කඩදාසි ඇමිණුම් කටුවක් ගෙන
ඇදුමේ පටි දෙක අමුණා ගන්න.
11.ඔබගේ යට ඇදුම් පිටතට දර්ශනය වීමෙන් වලක්වා ගන්න.
කාන්තාවන්ගේ යට ඇදුම් වල දාර පිටතට පෙනීම ඉතා අශෝභන දර්ශනයකි. මෙවැනි පටි රහිත යට ඇදුම් වෙලදපලෙන් මිලදී ගැනීම මගින් ඔබට මේ තත්වය මග හරවා ගන්නට පුළුවන්.
10.වූල් සහිත ඇදුම් වල ඉලිප්පී ඇති නූල් ඉවත් කිරීම.
ඔබගේ වූල් සහිත ඇදුම් වල අලුත් පෙනුම ආරක්ෂා කරගැනීම සදහා රේසරයක් ආධාරයෙන් එහි ඉහලට ඉලිප්පී ඇති නූල් කපා ඉවත් කරන්න. නමුත් ඇදුම් වලට හානියක් නොවන පරිදි
එය සිදු කිරීමට ඔබ වග බලා ගත යුතු වේ.
09.දිවීම සදහා භාවිතා කරන සපත්තු වලට බේකින් සෝඩා යොදන්න.
ඔබගේ සපත්තු වල ඇති දුර්ගන්ධය ඉවත් කරගැනීම සදහා ඔබට බේකින් සෝඩා යොදා ගන්නට පුළුවන්. බේකින් සෝඩා ස්වල්පයක් රෙදි කැබැල්ලක ඔතා ඔබගේ සපත්තු තුල දමා තබන්න. එමෙන්ම ඔබගේ සපත්තු වලට බේකින් සෝඩා ඉසීමද ඔබට සිදු කරන්නට පුළුවන්.
08.ඔබගේ මාල ගැටගැසීම වලක්වා ගැනීම සදහා බීම බටයක් යොදා ගන්න.
ඔබගේ ආභරණ ගැටගැසීම නිසා ඒවා ලිහීමට ඔබට වැඩි කාලයක් ගත වෙන්නට පුළුවන්. මේ කරදරයෙන් මිදීම සදහා ඔබ සිදු කල යුත්තේ මාලයේ ගාන්චුව පන්නා බීම බටය තුලින් දමා නැවත ගාන්චුව දමා ගැනීමයි.
07.ඔබගේ ඇදුම් වල ඇති ගම් වර්ග ඉවත් කරගැනීම සදහා.
ඔබගේ ඇදුම් වල ඇති බබල් ගම් ඉවත් කරගැනීම සදහා අයිස් කැටයක් එහි අතුල්ලන්න. ඉන් පසු තියුණු පිහියකින් ඉවත් කරන්න.මෙම කාර්ය සිදු කිරීමේදී ප්‍රවේශමෙන් සිදු කල යුතු වේ.
06.රිදී ආභරණ පිරිසිදු කරගැනීම සදහා.
ඔබගේ රිදී ආභරණ වල ඇති දිස්නය වැඩි කරගැනීම සදහා සෝස් ස්වල්පයක් ගෙන ආභරණ වල අතුල්ලන්න. එමගින් ආභරණ දිදුලන තත්වයට පත් වේවි.
05.ඔබගේ තොප්පි වල ආලේපන තැවරීම වැළක්වීම සදහා.
ඔබගේ නළලේ ඇති ආලේපන වර්ග තොප්පියේ තැවරීම වැලැක්වීම සදහා තොප්පියේ දාර වල කුඩා පැඩින් කැබැල්ලක් අල්ලා ගන්න.
04.ඔබගේ තනපටය නිවැරදි ලෙස ස්ථාන ගත කරගැනීම සදහා ගම් ටේප් පටියක් භාවිතා කරන්න.
ඔබගේ තනපටයේ දෙකෙළවර මෙම පටියක් අලවා ඔබගේ පියයුරු තිබිය යුතු ස්ථානයට ඇද අලවා තබාගන්න.
03.ඔබගේ සපත්තු ජලයෙන් ආරක්ෂා කරගැනීම සදහා.
ඔබගේ සපත්තු හොදින් වියලා ගෙන ඒ තුලට මී ඉටි දමාගන්න.ඉන් පසුව හිසකෙස් වියලන යන්තරය්කින් සපත්තු වියලා ගන්න. මෙම සපත්තු ඌශ්න අධික කාල වලදී පලදීම එතරම් සුදුසු නොවේ.
02.ඔබගේ සපත්තු ප්‍රමාණයෙන් විශාල කරගැනීම සදහා.
ඔබගේ සපත්තු වල ප්‍රමාණය විශාල කරගැනීම සදහා එය තුලට පොලිතින් අයිස් කැට උරයක් බහා තබන්න. ඔබට ඒවා තවත් විශාල කරගැනීමට අවශ්‍ය නම් මෙම උපක්‍රමය නැවත නැවත සිදු කරන්න.
01.ඔබගේ මුදු වල ඇති කොළ පැහැති පැල්ලම් ඉවත් කරගැනීම සදහා.
කොපර් වලින් සාදන ලද මුදු වල මෙම තත්වය සුලබව දකින්නට ලැබේ. මෙම පැල්ලම් ඇති වීම අවම කරගැනීම සදහා නියපොතු ආලේපන දියර ස්වල්පයක් ඒ වටා ආලේප කරන්න.එය ආරක්‍ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කර ඔබගේ ආභරණ ආරක්ෂා කරවයි.