
සමබර ආහාර වේලක් ගැනීම අපගේ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට ඇති එකම මගයි. අධික ලෙස අම්ල අඩංගු ආහාර අනුභව කිරීමෙන් දිනකට දෙවරක් දත් මැදීම මගින්ද ඔබගේ දත් දෙපල ආරක්ෂා කරගැනීමට ඔබට පුළුවන්.
බොහෝ ආහාර වල අපගේ දත් වලට හානිදායක වන අම්ල අඩංගු වේ. මෙම අම්ල අපගේ දත් වලට කා වැදී ඒවායේ ඇති පොස්පරස් ප්‍රමාණය ඉවත් කරවයි.එමෙන්ම ශරීරයේ ඇති පෝෂණ ඌනතා නිසාද දත් ආශ්‍රිත ආබාධ වැඩියෙන් ඇති වේ.
පහත දක්වා ඇත්තේ දත් ආරක්ෂා කරගැනීමට ඔබට ගත හැකි පියවර කිහිපයක් පිලිබදවයි.
01.අම්ල සහිත ආහාර අනුභව කිරීමේදී සැලකිලිමත් වන්න.
අම්ල සහිත ආහාර අනුභව කිරීමෙන් පසු පැය භාගයක් යනතුරු දත් මැදීමෙන් වලකින්න. එමගින් ඔබට දත් වලට වන හානිය අවම කරගන්නට පුළුවන්.
02.පෝෂ්‍යදායි ආහාර අනුභව කරන්න.
පෝෂ්‍යදායි ආහාර අනුභව කිරීමෙන් ඔබගේ දත් දිරා යාම අවම වේ.වැඩිපුර එළවලු සහ පලතුරු ආහාරයට ගන්න. පොල්තෙල්,ඔලිව් තෙල් සහ අලි ගැට පේර වැඩිපුර ආහාරයට ගන්න.
03.සීනි භාවිතය අවම කරන්න.
ඔබගේ දත් වල කුහර ඇති වීම වලක්වා ගැනීම සදහා සිනි භාවිතය අවම කල යුතු වේ. සිනි මගින් දත් වල ඇති ආරක්‍ෂිත එනමලයට හානි සිදු කරවන අතර දත් කුහර ඇති වීමද වේගවත් කරයි.
04.තෙල් ඇදීම.
මෙය බොහෝ රටවල් වල ප්‍රතිකාර සදහා භාවිතා කරන ක්‍රමයකි.මෙම ක්‍රමයේදී පොල්තෙල් ආලේප කිරීම සිදු වන අතර එමගින් බැක්ටීරියා විනාශ වේ. මෙම ප්‍රතිකාරය මිනිත්තු 20 සිදු කිරීම ප්‍රමාණවත් වන අතර එය සම්පුර්ණයෙන්ම ආරක්‍ෂිත ස්වභාවික කරමයකි.
05.ස්වභාවික දත් බෙහෙත් භාවිතා කිරීම.
මෙය සාදා ගැනීම සදහා අවශ්‍ය වන්නේ,
ඩයටමාකාර පස් මේස හැදී 03ක්.
පොල්තෙල් මේස හැදි භාගයක්.
මින්ට් රසැති ක්ල්රෝෆිල් මේස හැදී කාලක්.
බේකින් සෝඩා මේස හැදි කාලක්.
පෙරාගත් ජලය මේස හැන්දක්.
පෙපරමින්ට් යුෂ තේ හැදි කාලක්,
ඉහත සදහන් සියල්ල හොදින් මිශ්‍ර කර පේස්ට් එකක් සාදා ගන්න.බුරුසුවක් ආධාරයෙන් මෙම මිශ්‍රණයෙන් දිනයකට දෙවරක් දත් මදින්න.