
අපි කවුරුවත් 100% ක් පරිපූර්ණ නැහැනේ. ඉතින් අපි කා අතිනුත් මේ වගේ අතපසුවීම් සිදුවීම සාමාන්‍ය දෙයක්. ගොඩක් වෙලාවට බොහෝ චිත්‍රපටිවල සිදුවන මෙවැනි අතපසුවීම් පුදුමයටත්, සමහර වෙලාවට භීතිය උපදවන්නත් හේතු වෙන්න පුළුවන්.
ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ, එවැනි අතපසුවීම් සිදුවුණ චිත්‍රපට 10ක් පිළිබඳවයි.
10.Cleopatra (1963)

ඉතා අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු,මහත් තේජවන්ත බවින් යුක්ත Cleopatra, රාජාසනයෙන් නැගිට පහළට බැස ආවේ ඇයගේ සුන්දරත්වය විදහා පාන්නාක් මෙනි. නමුත් ඔබ හොදින් බලන්න, ඒ යුගයෙම තිබුණ ඇඳුමමද චිත්‍රපටියටත් ජීවය දීල තියෙන්නෙ කියලා.
බලන්න ඔබත් දුටුවද කියලා, Cleopatraගේ පාවහන්. ඇය ඇවිදගෙන යන්නේ නවීන පන්නයේ අඩි උස පාවහන් යුගලක් පැළඳ ගෙන.
9.Jurassic Park

Jurassic Park චිත්‍රපටය කියන්නෙ අපි හැමෝම ඉතා ආසාවෙන් බලපු චිත්‍රපටයක්නේ. නමුත් බලන්න ඔබටත් මේ ගැන ඇස ගැටෙන්නෙ නැතුව ඇති. Hammond එයාගේ වීදුරුව පිස දාන්නේ සුදු පැහැ කුඩා තුවායකින්. ඒක එයගේ අත් අතරින් පේනවා. මාර වැඩේ කියන්නේ, ඊළඟ ජවනිකාවෙදි අර කළින් තිබුණ තුවායේ පාට මාරු වෙලා, ප්‍රමාණයත් ලොකුවෙලානෙ.
8.The Fifth Element (1997)

බලන්න ඔබත් දැක්කද කියල, මේ ගලේ ඉරි ටික තියෙන පිළිවෙල…
Cornelius ගෙ අතේ වතුරත් එක්ක තිබුණ ගල, Korbenගෙ අතට යනකොට වේලිලා. ඊළඟ තත්පරේදී ආයෙමත් Cornelius අතට ඒ ගල එනකොට ඒ ගලේ වතුර. මාර දේවල් නේද වෙන්නෙ…
8.Pearl habour (2001)

මෙයත් හරිම පුදුම දසුනක්… බලන්න මේ ගුවන් නියමුවාට අත් දෙකෙන්ම චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න තරම්, කොතරම් දක්ෂයෙක්ද කියලා.
ඇත්තම කිව්වොත්, පළමු දර්ශනයෙදි ඔහුගෙ වම් අත යොදාගෙන ඉතාමත් පරිස්සමින් ලස්සන හෙදියක් චිත්‍රයට නගනවා. නමුත්, ඊළඟ දර්ශනයේදි ඔහු චිත්‍රය අඳින්නේ දකුණු අතින්.
6.The Load of The Rings : The Return of The King (2003)

මේ චිත්‍රපටයේ පිළිගැනීමේ උත්සවයේදී, Sam ඇඳගෙන හිටිය කමීසයට උඩින් තව කෝට් එකක් ඇඳගෙන හිටියා. ඊළඟ විනාඩියේදි බලනකොට මෙන්න ඒ කෝට් එක නැති වෙලා.
ඇත්තටම, ඔහුගේ ඒ කෝට් එක දර්ශනය අතරතුර නැති වුණාද නැත්නම් Frodo ඒ කෝට් එක ගත්තද?
5.National Treasure : Book of Secrets (2007)

ඔයාලා දැක්කද Ben ගේ සාක්කුවේ තියෙන සෙල්ලම්බඩුව?
හැමෝම උද්‍යානයේ ඉඳලා කාර්යාලයට යන වෙලාව අතරතුර තමයි මේ සෙල්ලම් බඩුව මාරුවෙලා තියෙන්නේ. ඇත්තවශයෙන්ම කියනවානම් සෙල්ලම්බඩුව විතරක් නෙමෙයි මාරුවෙලා තියෙන්නෙ, සෙල්ලම්බඩුවෙ උඩ යටත් මාරුවෙලා එයාලගේ තියෙන කලබලේට.
හදිස්සියට කොරොස් කටෙත් අත දා ගන්න බැහැ කියන්නෙ මෙන්න මේවට තමයි.
4.Colombiana (2011)

Colombiana චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ 1992 කාල වකවානුව පිළිබඳවයි. එහි ඒ නිළධාරියා අල්ලගෙන ඉන්නේ ඒ චිත්‍රපටය රූගත කරන කාලය තුළ තාක්ෂණයට ආව MMC/SD කාඩ් එකක්.
පෙනෙන හැටියට නම්, චිත්‍රපට අධ්‍යක්ෂකවරු එය තේරුම් අරගෙන ඒක වෙනස් කරලා තියෙනවා අර නිළධාරියාට 3.5”ක floppy disk එකක් පරිඝණකයට ඇතුලත් කරන්න තියෙන විදිහට.
3.Transformers : Age of Extinction (2014)

ඔබ මින් පෙර කවදාවත් දැකල තියෙනවද නිසල වස්තුවල පෙනුම ක්ෂණිකව වෙනස් වෙනවා ? චිත්‍රපටයක සිදු වුණ හරිම හාස්‍යජනකම දේ තමයි මේ ලියුම් පෙට්ටියක පෙනුම වෙනස් වීම.
මෙහෙමයි, ආරම්භයේදී ඒ ලියුම්පෙට්ටියේ තිබුණා ගෑනු ළමයෙක්ගෙ අතක් දාන්න පුළුවන් තරමේ ලොකු සිදුරක්. නමුත්, ඒ ගෑනු ළමයා ලියුම් පෙට්ටිය අරිනකොට අර සිදුර පොඩි වෙලා. අවසානයේ ඇය ලියුම් පෙට්ටිය වහනකොට අර සිදුර අන්තර්ධාන වෙලා කියන්නකෝ.
- Terminator : Genisys (2015)

ඔබට කියන්න පුළුවන්ද, කොතරම් උසකදීද අපිට මහද්වීප අතර සිදුවන මිසයිලවල ප්‍රක්ෂේපන පථය, ගුවන් යානයක ජනේලවලින් බලන්න පුළුවන් වෙන්නේ කියලා?
ඇත්තටම ඒකට උත්තරය වෙන්නේ 1000km.
නමුත් අපි කවදාවත් අහල තියෙනවද ගුවන් යානාවක් පොළව මට්ටමේ ඉඳලා 20kmකට වඩා ඉහළින් ගමන් කරනවා කියලා.
අමතක කරන්න එපා, මෙහි තවත් දෙයක් තියෙනවා… මොනවද ඒ කවච පථ නිරූපණයකලේ කියලා. එමඟින් නිරූපණය වෙන්නේ Villariba සහ Villabajo පදිංචිකරුවන් අතර යුද්ධයක් තිබුණු බවයි.
1.Deadpool (2016)

ඔබ කවදාවත් චිත්‍රපටයක ඒ ජවනිකාව අවසන් වූ සැනින්ම එතැනින් පිටව යන්නේ නැතිනම් සමහරවිට ඔබත් මේ දේ දැකල ඇති. මේ චිත්‍රපටයේ, Deadpool එයාගේ අත කපාගන්නවා. එතැනදී, Deadpool ඔසවලා පෙන්නන්නේ එයාගේ වම් අත, නමුත් ඊළඟ දර්ශනයෙ බලනකොට එයාගේ නැතිවෙලා තියෙන්නේ දකුණු අත.
මාරයි නේද…
බලන්න ඉතින් අපි හිතන්නෙ නැති විදිහට අපෙන් සමහර දේවල් මඟ හැරෙන හැටි.
හොඳයි කියල හිතෙනවනම් share කරන්න අමතක කරන්න එපා. අපි ආයෙමත් දවසක මේ වගේ රසවත් සිදුවීම් එක්ක හමුවෙමු. සුබ දවසක් !.