
1. Emirates

එමිරේට්ස් ව්‍යාපාරික පංතිය, සුවපහසු මෙට්ට සහිත සම්පූර්ණ පැතලි ඇදක් බවට පත් වෙන ආසන වලින් සමන්විත වෙනවා. එහි අවශ්‍ය දේවල් ඉතා විශාල ප්‍රමානයක් ගබඩා කරලා තියෙනවා. ඒ වගෙම පෞද්ගලික දොරවල්, පෞද්ගලික මිනි බාර් එකක්, වයින් හා ආහාර ද කැමති ආකාරයකට එහි තියෙනවා.
2. Lufthansa

මේ Lufthansa නම් වූ ජර්මානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ පලමු පංතිය සරළ වුවත් අති නවීන හා සුන්දර එකක් වෙනවා. ඒ වගෙම ඔබ කැමති ඔබට සිතෙන ආකාරයේ ඕනෑම දෙයක් මෙහිදී ලබා ගන්න පුලුවන්. මෙට්ට සහිත lie-flat beds හා කොට්ට මෙන්ම අති සුවපහසු ඇතිරිලිද මෙහිදී ඔබට හිමි වෙනවා.
ඒ වගෙම Lufthansa තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ විනෝදාස්වාදය පිලිබදවත් සැලකිලිමත් වෙනවා. විවිධ භාෂා 8කින් මගීන්ට ගුවන් ගමනේ විනෝදාස්වාදය ලබා ගන්න පුලුවන්. ඒ වගෙම Sommelier Markus Del Monego තෝරාගත් අතිරේක වයින් හා caviar අඩංගු විශේෂිත ආහාර වට්ටෝරුද ඇතුලත් කරලා තියෙනවා.
3. Swiss International Airlines

මේ ගුවන් සමාගම මගින් සපයන සියලු දේ අතිවිශාල ගුණාත්මක බවකින් යුක්ත වෙනවා. ඒ නිසා ස්විස් ගුවන් සේවය විශිෂ්ටතම පලමු පන්තියේ මැදිරියක් ලෙස පිලිගන්නවා. මේ ගුවන් සමාගමෙන් දිගු ගුවන් ගමන් සදහා ඇදි පුටු ලබා ගත හැකි අතර එම පුටුව හාන්සි පුටුවක් බවට පත් කිරීමට මෙන්ම දෙදෙනෙක් සදහා මේසයක් හෝ අඩි 6.5ක් ප්‍රමානයේ මෙට්ට සහිත ඇදක් බවටද පත් කර ගන්න හැකියාව තියෙනවා.
ඒ වගෙම මගීන් සදහා Zimmerli පිජාමා ඇදුමක් හා මේස්, ඇස් ආවරණ, දත් බුරුසු, උසස් තත්වයේ විලාසිතා සන්නාමයක් වන La Prarie මගින් ear plugs ද අඩංගු මල්ලක් සපයනු ලබනවා.
4. Japan Airlines

ජපන් ගුවන් සේවයේ පලමු පන්තියද මේ ලැයිස්තුවට එකතු කරන්න හේතු ගණනාවක් තියනවා. මේ ගුවන් සමාගමේ පලමු පන්ති ආසන දැව වලින් හා සම් වලින් නිමවා තියෙනවා. ඒ වගෙම අගල් 23 පෞද්ගලික රූපවාහිනී යන්ත්‍රයක්, ආරක්ෂිත පෞද්ගලික දොරවල් හා සුවපහසු ඇදක්ද මෙහිදී හිමි වෙනවා.
ඒ වගෙම ඉතා දක්ෂ සූපවේදීන් මගින් මෙහි ආහාර පිලියෙල කරන අතර ජපන් හා බටහිර යන වර්ගයේ තමන්ට ඕනෑම ආහාර වර්ගයක් පිලියෙල කර ගැනීමට මගීන්ට පහසුකම් සලසා තියෙනවා.
5. Korean Air

කොරියානු ගුවන් සේවය මගින් පලමු පංතියේ මගීන් සදහා විවිධාකාරයේ විකල්ප ලබා දෙනවා. ඒ කියන්නේ මගීන්ට ඕනෑම දෙයක් තෝරා ගැනීමේ පහසුකම සලසා තියෙනවා. Kosmo Suites 2.0 සදහා පැති දොරක්ද, අගල් 9.4ක බෙදීමක්ද, අගල් 79ක ආසනයකින්ද යුක්ත වෙනවා. ඒ වගෙම මෙහි පිහිටීම වෙනස් කල හැකි පසුපස ආධාරකයක් හා එක් ස්පර්ශයකින් පාලක ස්තානය වෙනස් කිරීමේ බොත්තම් වලින්ද යුක්ත වෙනවා.
6. Etihad

Etihad යනු ලොව ප්‍රසිද්ධම ගුවන් සමාගමකි. එය ආගන්තුක සත්කාර සදහා ඉතා ජනප්‍රිය වෙනවා. මෙහිදී පලමු පන්තියේ මගීන් ගුවන් තොටුපලට ඇතුල් වන විටම Etihad නිලධාරියකු ඔවුන්ට ආචාර කර පිලිගනු ලබන අතර ගුවන් යානයට ගොඩ වූ පසු සම්බාහනයක් පවා ලබා දීමට කටයුතු කරනවා.
මෙම පලමු පන්තියේ කුටි වල ආසන උසස් තත්වයේ හම් වලින් යුක්ත වන අතර පෞදගලික ඇදුම් අල්මාරියකින් හා සිසිල් බිම වලින්ද ඒවා සමන්විත වෙනවා. සුවපහසුව අතින් මෙය ඉතා ඉහල තත්වයක තියෙනවා.
7. Thai Airways

තායි එයාවේස් ජනප්‍රිය වීමට හේතු ගණනාවක් තියෙනවා. තායි එයාවේස් මගින් පලමු පංතිය අමතනු ලබන්නේ රෝයල් මැදිරිය නමිනුයි. ඔවුන්ගේ Airbus A380 සහ Boeing 747 හි අර්ධ පෞද්ගලික ආසන දිගින් අඩි 8කින් හා සැකසිය හැකි අකාරයට තියෙනවා. ඔබේ විනෝදාස්වාදය සදහා අගල් 23ක මොනිටරයක් ඔවුන් සපයා තියෙනවා.
8. All Nippon Airways

මෙය සුඛෝපභෝගී පෞද්ගලික කුටියක් කිව්වොත් නිවැරදියි. එය සැපපහසු ආසනයක්, කෑම මේසයක් හා විශාල ගබඩා ඉඩ කඩකින් සමන්විත වෙනවා. ඒ වගෙම ආසන වල LED විදුලි පහන්, පුද්ගලික චන්ද්‍රිකා සමඟ අන්තර්ජාතික දුරකථන ඇමතුම් භාවිතා කිරීමට පහසුකම, USB පොර්ට් එකක් හා ගුවන් ගමන් විනෝදාස්වාදය සදහා අගල් 23ක තිරයකින්ද යුක්ත වෙනවා.
ඔයාගේ යාළුවන්වත් මේ අපූරු තොරතුරු වලින් දැනුවත් කරන්න. සුභ දවසක්.